කොළඹ උද්ධමනය වැඩි වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේ වාර්තා වූ 3.8% සිට 2024 අප්‍රේල් මාසයේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩය 2024 මාර්තු මාසයේ වාර්තා කළ සියයට -0.5ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී සියයට 0.9ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.