අනුර සජිගෙන් දිනයක් ඉල්ලයි

විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය.

ඔහු සඳහන් කළේ මෙම මැයි රැලිය දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය බවය.

“මේ රට විනාශයට පත්කරන ලද අපරාධකරුවන් යටතේ පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද මේ පවත්වන්නේ.”

“අර සජබෙ ඇඬියාව…මළ කරදරයක් නේ. විවාදයකට එන්නලු. අපි දින 4ක් දුන්නා. දින 4ම එයාට වැඩ ලු. රෑත් වැඩ. ඊට පස්සේ අපි කිව්වා මැයි 20ට කලින් අපිට දිනයක් දෙන්න කියලා. ඒ ඕන දිනයකට අපි ලෑස්තියි. මොකද මේ ඇඬියාව ඉවර කරන්න ඕනේ.” 

“මොනරාගල පැත්තේ ගිහින් ශිෂ්‍යත්වේ ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදෙට. නිවටයෝ වගේ පැනලා යන්නේ නැහැ….කියනවා.”

“බය වැඩිම හාදයා තමයි සොහොන ගාවින් හූ කියාගෙන යන්නේ.”

Leave a Reply

Your email address will not be published.