කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ” කුෂ් ” නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .

මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියකු වන අතර ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සඟවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ .

කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම ” කුෂ් ” ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා , ඒවා ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන තිබුණි .

තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.