කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට

කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරී සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිටි  මාන්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.