අක්මීමන මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අක්මීමන, කුරුන්දකන්ද, ලබුදූව ප්‍රදේශයේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම සැකකරුවන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලක රැඳි සිටීයදී බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 32 වයස්වල පසුවන ලබුදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් පසුගිය 09 වනදා අක්මීමන කුරුන්දකන්ද, ලබුදූව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙක්ව ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයමින් සිට සැකකරුවන් බව පොලීසිය පවසයි.

මේ අතර මනුෂ්‍ය ඝාතකයක් ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පුවරසන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ එම සැකකරු අක්කරායන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වන්නේරිකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු පදිංචි ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2022 වසරේ අක්කරායන්කුලම් පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල සිදුකර මුදල් හා දේපොළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2023 වසරේ කිලිනොච්චිය පොලිස් වසමේදී පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම යන අපරාද සම්බන්ධවෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග වන අතර එම අධිකරණය මගින් වරෙන්තු නිකුත් වූ අයෙකි.

මේ අතර ගිරිබාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහරදී ඝාතන කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකාරිය තඹුත්තේගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය 33 හැවිරිදි ගිරිබාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකාරිය අපරාධය සඳහා යොදාගත් පොරවක් හා පිහියක් ඇය පදිංචිව සිටි ඉඩමේ ළිඳක දමා තිබියදී සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.