ත්‍රීරෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ සොරා ගත් ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේදීය. 

ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සිටි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  මිලිගෑම් 5,200 තිබී සොයා ගැනීමට පොලීසියට හැකි විය.

අනතුරුව සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එගොඩඋයන පොලිස් වසමේ නිවාස තුනකින් සොරාගත් වාහන කැසට් යන්ත්‍රයක් සහ ස්මාට් ජංගම දුරකථන දෙකක් එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුට අඩු මුදලට විකුණා තිබියදී පොලීසිය මගින් සොයා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.