කොළඹ ප්‍රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග මාර්ගය අවහිර වීමෙන් වාහන තදබදයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදුව ඇත.

කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published.