මෛත්‍රී පාර්ශ්වය වෙන තැනකට යයි

පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටන බව ද සඳහන් ය.

පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් ස්ථිර ස්ථානයක සිය දේශපාලන කටයුතු හා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන් ය.

මෙම තත්ත්වය හමුවේ වෙනත් ස්ථානයක සිට පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරගෙන යාම වඩාත් උචිත බව නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය පෙන්වා දී ඇත.

ඒ අනුව නව දේශපාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.