හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට 

හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන පානදුර වලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 850ක් පොලීසිය සොයාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.