අයහපත් කාලගුණික තත්ත්වයත් සමග කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී හොරණ මිවනපලාන ප්‍රදේශයේ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි.
පොලීසිය සැකපළ කරන්නේ දැඩි සුළං තත්ත්වය මත විදුලි රැහැන මතට ගසක් කඩාවැටීමෙන් විදුලි රැහැන කඩා වැටී තිබෙන්නට ඇති බවය.
එම කාන්තාවට අයත් ඉඩමක පොල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබේ.
සිද්ධිය වූ ස්ථානය හොරණ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ කාන්ති කන්නංගර මහත්මිය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව මෘත ශරීරය අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇත.
හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.