අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය හමුවෙයි

අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය හමුවූ බව පොලීසිය පවසයි.

අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ගංවතුර හසුව ඇතැයි ඊයේ අනාවරණය වුණි.

පසුව 17 හැවිරිදි එම පාසල් සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වනසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා 
භූමියක තිබී ඊයේ (05) උදෑසන හමුව ඇත.

මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.