විදුලිබල පනත සම්මත උනොත් පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි වෙනවා

අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි

මෙහිදී දැක්වූ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කියා සිටියේ

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දොළහකට සමාගම් දොළහකට වෙන්කිරීම සඳහා වෙන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත පැමිණියා. එතකොට මේ පනත් කෙටුම්පත හදිසි විවාදයකින් අනුමත කරගැනීමට ආණ්ඩුව ක්‍රියා කරන බව පේනවා.

ඇත්තටම මේ රටේ විදුලිබල ක්ෂේත්‍රය කියන්නේ හැත්තෑ පන් ලක්ෂයක් මිනිස්සු ඉන්නවා විදුලි පාරිභෝගිකයෝ මේ රටේ ජන ජීවිතයට ඉතාමත්ම සම්බන්ධිත විෂයක් මේ විදුලි බලය. මේ විදුලි බලය කප්පාදුව ආණ්ඩු පෙරලන්න තරම් මිනිස්සු තුළ විශාල ආවේග ඇති කරපු දෙයක්. මොකද මේ ජීවන අවශ්‍යතාවක් විදුලි බලය. ඉතින් ඒ පිළිබඳ අනාගතය තීරණය කරන ක්‍රියාවලියක් මේ විදිහට කලබලෙන්, කඩිමුඩියේ සම්මත කරගැනීමට උත්සාහ කිරීම අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී, අතිශයින් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී. ආණ්ඩුවට සමහර විට අවශ්‍ය ඇති මේ ජූනි දොළොස් වෙනිදා ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ලංකාවේ න්‍යාය පත්‍රය දොළොස් වෙනිදාටයි නියමිතව තියෙන්නේ. එතකොට එහිදී අපි මෙන්න මේ මේ දේවල් කළා කියලා ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ද දන්නෑ. මේ සඳහා තියෙන්නේ ඇත්තටම ආණ්ඩුවට සෑහෙන කාලයක් තිබුණා මේ සඳහා. ගිය අවුරුද්දේ ඒ වගේම ඊට එපිට අවුරුද්දේ ඉඳන් මේ ක්‍රියාවලිය තිබුණා. නමුත් වැරදි පනතක් ඉතාම විශාල ප්‍රශ්න තියෙන පනතක් තමයි ගිය දෙසැම්බර් මාසෙදි ගැසට් කලේ. එහි වරද තියෙන්නේ ඒ අමාත්‍යාංශයේ නමුත් අද වෙනකොට කලබලෙන් මේ රටට අතිශයින්ම බලපාන මේ පනත සම්මත කර ගැනීමට උත්සහ දැරීම වැරදියි. ඒ වගේම මේ පනත මගින් සිදු කරන්න යන්නේ මොකක්ද? විදුලි බලය ගත්තම විදුලි බලය බලපාන විශේෂ ඒ පිරිස් ක්‍රියාවලි කිහිපයක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි මේ විදුලි බලය සපයන ආයතනය. අද නම් ලංකා විදුලිබල මණ්ඩලය. ඊළඟට ඒ සපයන පාරිභෝගිකයා ඊළඟට ඒ විදුලිබල ප්‍රතිපත්තිය මොකක්ද? අය ක්‍රමය මොකක්ද? ඒ විදුලිබල ක්ෂේත්‍රයේ කොච්චර හරිත බලශක්තිය ගන්නවද? කොච්චර ඉන්ධන බලශක්තිය ගන්නවද? මොන විදිහටද රටේ කර්මාන්ත වලට මේක බලපාන්නේ? පාරිභෝගිකයාට මොකක්ද දෙන සහනය? මේ යනාදී කාරණා ගැන හොයන්න බලන්න. දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් වෙන කැබිනට් මණ්ඩලය. එහෙම නැත්නම් ඒ අදාළ අමාත්‍යාංශය. ඊළඟට මේ අයගෙන් පාරිභෝගිකයාට සිදුවෙන ව් යසනය, එහෙම නැත්නම් මේ විදුලිබල ක්ෂේත් රයේ විදුලිබල ආයතනය විසින් කරගෙන යන ඇතැම් අත්තනෝමතික කටයුතු, ඇතැම්විට දේශපාලකයින් විසින් කරගෙන යන ඇතැම් අත්තනෝමතික කටයුතු නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක් අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published.