ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කෙරේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි.

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (05) දින කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published.