චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබේ.

පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව සඳහන් වේ.

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.