ටෝකියෝ සමාගම කිලිනොච්චියේ ඉඩම් අක්කර 3000 ක් බලෙන් අත්පත් කර ගනී

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් පමණ ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියයි.

මේ ව්‍යාපෘතිය සදහා යොදාගන්න භුම්යේ වගා බිම්, කලපු, කඩොලාන පද්ධති, ලවණ වගුරු බිම් හා වනාන්තර වලින් සමන්විත භුම් ප්‍රමාණයක් වන අතර ව්‍යාපෘති ඇස්තුමෙන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට ආසන්න වේ.

Leave a Reply

Your email address will not be published.