මිතුරා සමග එක්ව බිරිඳව ඝාතනය කළ සැමියා 

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද (11) අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයෙන් හමුවී තිබේ.

පසුගිය 06 වනදා මරණකාරිය හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ බහින්බස් වීමක් මත ස්වාමි පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී එම කාන්තව ඝාතනය කර නිවස දොරගුළු දමා පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණ පොලීසියට මේ පිළිබඳව පැමිණි කර තිබේ.

මරණකාරිය ඇගේ සැමියා සමග නිවසක් කුලී නිවසක ජීවත්ව සිට ඇත.

මියගොස් ඇත්තේ, තලංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවක් වන අතර, 31 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 44ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මළ සිරුර හමුවන අවස්ථාවේ දී එම නිවසේ සුනඛයෙක් ගැට ගසා සිට ඇති අතර, එම සතාට ද දින 5ක පමණ කාලයක් ආහාර හෝ නොලැබී ඇතැයි  පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.