කේරළ ගංජා සහ අයිස් සමඟ 24 හැවිරිදි තරුණියක් දැලේ

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කරන මෙම මෙහෙයුම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ – පළගතුරේ යන ප්‍රදේශයේ දී යි සිදු කෙරුණා.
මෙම මෙහෙයුමේ දී රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග 24 හැවිරිදි තරුණියක් පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.
සැකකාරිය පල්ලෙකැලේ – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published.