කොදෙව්වන්ට විශිෂ්ට ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු104කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තේය.

මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණි.

ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ.

එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය.

පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

ජොන්සන් චාල්ස් ලකුණු 43ය.

ලකුණු 219ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

Leave a Reply

Your email address will not be published.