විභාගය අසමත් සිසුවෙක් විසින් සිය මව සහ සහෝදරයා ව ඝාතනය කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.
තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවොට්ටියූර් නම් ප්‍රදේශයෙන් මෙම ද්විත්ව ඝාතනය වාර්තා විය.
මෙම ඝාතන පසුගිය 20 වනදා සිදුකර ඇති අතර සැකකරු වන 20 හැවිරිදි නිටේෂ් නම් උපාධි අපේක්ෂක සිසුවා දින දෙකකට පසුව තම නිවසට යන ලෙස පුංචි අම්මාට යැවූ කෙටි පණිවුඩයකින් අනතුරුව ඊයේ (22) එම ඝාතන ගැන තොරතුරු හෙළිවී තිබුණි.
ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව නිටේෂ් ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
එහිදී ඔහු පවසා ඇත්තේ තමා පසුගිය විභාගයේදී අඩු ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් මව නිතරම තමාට බැනවදින බවත් ඊට ඇතිවූ කෝපය හේතුවෙන් තමා ඔවුන් දෙදෙනාව නිදාගෙන සිටියදී ඝාතනය කළ බවයි.
මව 45 හැවිරිදි වියේ පසුවූ අතර 10 වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටි සහෝදරයා 15 හැවිරිදි වියේ පසුවිය.
තමා සිය සහෝදරයාව ඝාතනය කළේ ඔහු අනාථ වීම වැළැක්වීමට බව සැකකරු පවසා තිබුණි.
ඔහුගේ පියා ඕමානයේ රැකියාව කළ අයෙකි.