ඔන්ලයින් වංචාවේ 34ක් රිමාන්ඩ්

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.

ශ්‍රී ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේත් තිප්පොලක් හා ලාංකියින් සයිබර් වහලුන් බවට පත් කිරීමට උත්සාහ දරා දේශීයව හා විදේශීයව මුදල් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් ඇතුළු සැකකරුවන් 36ක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර විදේශිකයින් තිදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.