කොලොන්නේ වෙඩික්කරුවන් ආ හැටි

කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවය.

වෙඩි වැදුණු 61 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිටිය දී වෙඩික්කරුවන් පැමිණ බිරිඳගෙන් මියගිය පුද්ගලයා නිවසේ සිටිනවාදැයි විමසා ඇත.

පසුව එම පුද්ගලයා නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.