මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, ැගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති අයෙකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.
එම ටී.56 ගිනි අවි දෙක පතුරම් හැට සහ ැගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා තිබී ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.