කිලිනොච්චියේ සිට යාපනය සිටි තම පෙම්වතිය හමුවීමට ගිය තරුණයෙකුට කිසියම් කල්ලියක් කඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතු වූ ස්ව(ර්)ණාභරණ , මුදල් , ජංගම දුරකථනය හා ත්‍රිරෝද රථය කොල්ල කා පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මනිප්පායි පොලිසිය කියයි.
තරුණයා කිලිනොච්චිය සිට යාපනයට ගොස් එතැන් සිට උරුම්පිරායි තෙක් ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති අතර එම අතරමගදී ඔහු ගමන් ගත ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද රථයක් මගින් හරස් කොට කඩුවකින් පහර දී මෙසේ කොල්ල කා පල ගොස් තිබේ.
කඩු පහරින් පසු තමන් සිහිසුන්ව අද වැටුණු බවත් පසුව තමන්ට සිහිය එන විට තමන් කුලී පදනම මත ගෙන තිබු ත්‍රිරෝද රථයද අතුරුදන්ව තිබු බවත් ලක්වූ තරුණයා සදහන් කරයි.
තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.