හමුදා සැරයන් පාලිකාවකට අතවර කරලා

අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුර පොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු වන අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සැරයන්වරයාගේ සහෝදරයා ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී සහාය සඳහා එයට ගොඩවී ඇති සැකකාර හමුදා සැරයන්වරයා රෝගියා සමඟ සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය කියයි.

ඒ බව සෞඛ්‍ය සහායිකාව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුර පොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයාය ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය කියයි.

සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙකි.

Leave a Reply

Your email address will not be published.