රැස්වීම් 125ක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දිස්ත්රික් හා ආසන මට්ටමින් මැතිවරණ ප්රචාරක රැස්වීම් 125ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැව් පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
දිස්ත්රික් මට්ටමින් පැවැත්වෙන ප්රධාන රැස්වීම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා පැවසීය. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙකී ප්රචාරක රැස්වීම් 125ට ම සහභාගි වීමට නියමිතව ඇත. මෙම රැස්වීම් මාලාවට අමතරව ඡන්දපොළ කොට්ඨාස ඉලක්ක කරගෙන ග්රාමීය මට්ටමේ කුඩා රැස්වීම් 13000ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා නාම යෝජනා භාරදීමෙන් පසු ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ කටයුතු ලබන 15 වැනිදා ජය ශ්රී මහා බෝධිය වැඳ නමස්කාර කර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ ප්රකාශකයෙක් කීය.
ලබන 15 වැනිදා ඉදිරි ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර, නාමල් රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජය ශ්රී මහා බෝධිය වැඳ නමස්කාර කිරීම සඳහා අනුරාධපුරය බලා පිටත්ව යෑමට නියමිත බවත් ඉහත ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.