එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්රයට අත්සන් තැබීය.
ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි.
ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබුණි.
ජුලි මස 26 වනදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.
තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ජනාධිපතිවරයා පළමු වරට අනාවරණය කළේ ජුලි මස 27 වනදා ගාල්ලේ පැවැති එක්ව ජයගමු ගාලු දිස්ත්රික් ජන සමුළුවේදීය.