ශ්‍රී ලංකා ඉනිම ලකුණු 263කට සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

කඩුලු 5කට ලකුණු 211ක් තිබියදී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳ වැටෙද්දී 5වැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් ගොඩ නගන්නට නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් විය.

එම සබඳතාව බිඳ වැටුණේ ධනංජය ද සිල්වා අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 69කට දැවී යාමත් සමඟය.

කමිඳු මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 64ක් පමණි.

එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published.