හමුදා බුද්ධි අධ්‍යක්ෂ සීඅයිඩියට යයි

විදේශීය රටක සිට ක්‍රියාත්මක වන යූටියුබ් නාලිකාවක් මගින් මෙරට බුද්ධි යාන්ත්‍රණයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම යූටියුබ් නාලිකාව මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර විකාශය කිරීම නිසා රටේ ජාතික ආරක්ෂාවට සහ බුද්ධි යාන්ත්‍රණයට තර්ජනයක් එල්ලවී ඇති බවට බුද්ධි අධ්‍යක්ෂවරයා කළ එම පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.

ශ්‍රී ලංකා පොලිසිය දේශපාපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය යනුවෙන් හැඳින්වෙන යුටියුබ් නාලිකාව විසින් මෙවැන්නක් සිදුකර ඇතැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව රහස් පොලිස් ආරංචිමාර් ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.