මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ ඩෙල්ෆ් දුපත ආසන්න මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අදාළ ධීවරයින් පිරිස අද (29) අලුයම සිය භාරයට ගත් බවයි.
එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධිවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසීය.
මේ අතර මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් වෙත ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය විපක්ෂ නායකවරයා එමගින් ඉල්ලා තිබේ.