සැපට වැවුණ ළපටි කන්සා හේනක් මාටිටු

මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදි සුක්ෂම ලෙස පවත්වාගෙන යන ලද ගංජා හේනක් පිළිබද යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අද (29) වැටලීමක් සිදුකර ඇත. එහිදී අක්කර 1 ½ ක භුමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැල 45,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණිමට සමත්ව වී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදි මෙම ඉඩමේ රැදි සිටි ජූලම්පිටිය, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවු 63 ක හා අවු 31 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණ හම්බේගමුව පොලිසිය විසින්  සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.