අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජනපතිගේ අවධානය

2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට අද (19) එක්වෙමිනි.

“අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව. ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවර නියෝජනය කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩිකරනවා.”

Leave a Reply

Your email address will not be published.