හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ඊයේ( 30)  වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු  නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය සහ කල්පිටිය පොලිස් ස්ථානය එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි.

Leave a Reply

Your email address will not be published.