කළුතරදී මනුෂ්‍ය ඝාතනයක්

කළුතර දකුණ පොලිස් වසමේ කුරුනෛයිදාගොඩ වත්ත අධිවේගී පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරණකරු අවුරුදු 65ක් වූ බොලොස්ගම, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (02) රාත්‍රියේදි මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

එහිදී සිද්ධිය වූ ස්ථානයේ මරණකරු රැඳි සිටියදී ඒ අසල පිහිටි කුකුල් මස් අලෙවි සැලකින් පුද්ගලයෙකු කුකුළු මස් රැගෙන ගිය බවට මරණකරුගේ සොහොයුරියක විසින් පොලීසියට තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එහිදි එම නිවසේ තිබී මනුශ්‍ය ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය හා ගමන් කළ පාපැදියද සමගින් සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41ක් වන බොලොස්ගම, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.