වත්මන් ආණ්ඩුව පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරමින් සිටින බව සර්වජන බලයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රට ඉදිරියට ගෙනයාම සඳහා නව දැක්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බවය.
රත්නපුර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
“රනිල් වික්‍රමසිංහ කියන ඒ කෘතහස්ත දේශපාලඥයා සහ පළපුරුදු දේශපාලඥයා යෝජනා කරනවා පළපුරුදු අය එවන්න කියලා. ඔහු ඉතාමත්ම පළපුරුදු දේශපාලඥයෙක්. ඔහු කොතරම් පළපුරුදු කිව්වොත් ඩී. ඇස්. සේනානායක මහතා හදපු පක්ෂය, බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය, වීජේවීර හදපු පක්ෂය… මේ පක්ෂ ඔක්කොම විනාශකරපු, නැත්තටම නැත්කරපු කෘතහස්ත දේශපාලඥයෙක්. ඔහු අද හිනාවෙවී ඉන්නවා කොහෙමද මම කරපු වැඩේ කියලා. තවපොඩ්ඩෙන් සර්වජන බලයටත් වැඩේ දෙනවා යන්නතම් බේරුනේ.”
“දැන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා හාන්සි පුටුවේ වාඩිවෙලා. වෙන මොකුත් වෙලා නැහැ. හාමු මහත්තයාටත් වැඩිය කොලු ගැටයා හාමු මහත්තයාගේ වැඩේ හොඳට කරනගෙන යන නිසා ඔහුට හරි සතුටුයි. හාමු මහත්තයා කරන්නේ නැති වැඩ තමයි දැන් මේ කොලු ගැටයා කරන්නේ. අපිට අපේ දේශපාලනයක් තියෙනවා. අපි ඒ දේශපාලනය කරන්න බය වෙන්න නරකයි. ඒකයි අපි එඩිතර විපක්ෂය කියන්නේ. අනුර කුමාරට මතක්කරලා දෙන්නේ ඕනේ මේ නිකං මංඤං විපක්ෂයක් නෙමෙයි මේක එඩිතර විපක්ෂය.”