ජන­පති අනුර ගැන බොරු ප්‍රචාර යැවූ සැක­ක­රු­වන් අල්ලන්න නියෝග

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­පති කර­වී­මට තරම් සුදුසු අයකු නොවන ලෙසින් සමා­ජයේ මත­යක් නිර්මා­ණය කිරීම සඳහා අසත්‍ය ලිපි­යක් සකස් කර එය සමාජ මාධ්‍ය­යට මුදා­හැ­රියේ යැයි කියන සිද්ධි­ය­කට අදාළ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට (06) නියෝග කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ විම­ර්ශ­න­යක කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝග නිකුත් කළේය.

ජාතික ජන බල­වේ­ගය අප­කී­ර්ති­යට පත් කිරීම මෙන්ම ජන­ප­ති­ව­රයා ඊට නුසු­දු­ස්සකු බවට ජනතා මත­ක­යක් බිහි කිරීමේ අර­මු­ණින් අසත්‍ය සහ ද්වේෂ­ස­හ­ගත ලිපි­යක් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර මුහු­ණු­පොත ඔස්සේ පළ කර ඇතැයි සඳ­හන් කර­මින් මෙම පැමි­ණිල්ල ජාතික ජන බල­වේ­ගයේ නීතිඥ සුනිල් වට­ගල මහතා විසින් ඉකුත් සැප්තැ­ම්බර් මස 12 වැනිදා සිදු කරනු ලැබ තිබූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඩිජි­ටල් වෝහා­රික විද්‍යා­ගාර අංශය මඟින් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කරනු ලැබූ බව ද එම දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර මුහු­ණු­පොත ඔස්සේ ප්‍ර‍චාරය කර තිබූ මෙම ද්වේෂ­ස­හ­ගත අසත්‍ය ලිපිය ජාතික ජන බල­වේ­ගයේ ලිපි ශීර්ෂය සහි­තව 2024 සැප්තැ­ම්බර් මස 10 වැනිදා දාත­මින් යුක්තව කොළඹ පෞද්ග­ලික රෝහ­ලක් අමතා තමන් විසින් සකස් කළ පරි­ද්දෙන් නිර්මා­ණය කර පළ කර තිබූ බව පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

මෙම ව්‍යාජ ලිපිය සමා­ජ­ගත කිරීම තුළින් ජන­පති අපේ­ක්ෂ­කව සිටි අනුර කුමාර මහතා කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කින් ප්‍ර‍තිකාර ලබා­ගත් රෝගි­යකු බවට හැඟී යන පරිදි මහ­ජ­න­තාව තුළ යම් තහ­වු­රු­වක් කිරී­ම­ටත් එම­ඟින් ඔහු පිළි­බඳ සමා­ජයේ අවි­ශ්වා­ස­යක්, අප්‍ර‍සා­ද­යක් ජනිත කිරී­මට උත්සාහ දරා ඇති බවත් පැමි­ණි­ලි­කාර නීතිඥ වට­ගල මහතා සිය පැමි­ණි­ල්ලෙන් දක්වා ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.