දමිළ සිනමාවේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනී

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවය.

ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ ‘Indian-2’ යන චිත්‍රපටයේ ය.

දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇති අතර මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබේ.

Leave a Reply

Your email address will not be published.