බදුල්ල – පස්සර ලුණුගල A5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමට ලක්වී මාර්ගයට පස්, ගල් කඩා වැටීම මගින් මාර්ගයේ මීටර් 60ක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම වැසී වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇතිව තිබේ.
මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සිට බිබිල, මඩකලපුව, මොනරාගල, අම්පාර, මහඔය බලා ගමන් කරන වාහහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇත.
අද (18) දින පාන්දර 2.45ට පමණ එක්වරම නායයෑමට ලක්ව ඇති අතර, මාර්ගය අයිනේ නවතා තිබු ත්‍රිරෝද රථ තුනකට දැඩි හානි සිදුව තිබුණි.
ත්‍රිරෝද රථ අනතුරට ලක්වීමෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.
මේ වෙන විට මාර්ග සංවර්ධන අධිකාරි පස්සර ප්‍රාදේශීය සභාව පොලීසිය එක්ව නායනෑම සිදුවු ස්ථානය පිළිසකර කරමින් පවතී.