2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් දැනුම්දෙයි.
ඒ, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා ය.
ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වෙයි.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024. 12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසුදා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වෙයි.