මන්ත්‍රී වරප්‍රසාද කැපේ

මත්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය, නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව සැලසුනු අතර එය ද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැන ගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය. වරප්‍රසාද සංශෝධනය කිරීමේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published.