චීනයේ කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදිත එර්බායි නම් රොබෝවරයෙක් ප්‍රදර්ශනාගාරයකින් රොබෝවරුන් 12 දෙනෙකු පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ එර්බායි තමන්ට වඩා විශාල රෝබෝ යන්ත්‍ර සමග මානවරූපී සංවාදයක් ආරම්භ කර ඇති අතර ඔහු එහිදී මෙම රොබෝවරුන්ගේ සේවා කාලය පිළිබඳව ඔවුන්ගෙන් විමසා තිබූ බවය.
එම රොබෝ යන්ත්‍ර සිය සේවා කාලය පිළිබදව අප්‍රසාදය පළ කිරීමත් සමග, වැඩපල අතහැර තමන් සමග යාමට එර්බායි එම රොබෝවරුන් එකඟ කරවාගෙන තිබුණි.
ප්‍රදර්ශනාගාරයේ CCTV කැමරාවල පටිගත වූ, එම සිදුවීමට අදාළ දර්ශන මේ වනවිට X සමාජ මාධ්‍යයේ අවධානයක් දිනා ගනිමින් තිබේ.