සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නිදහස් පක්ෂයත් ඉල්ලයි

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (22) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්ව වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පක්ෂයට ලබා දිය යුතුය යන ස්ථාවරයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී තීන්දුවක් ගත් බවද එහිදී  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published.