අස්වැසුමට අයදුම් නොකළ පිරිසට අතිරේක සහන කාලයක්

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය. 

ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි වෙයි.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු පැවසීය.

මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 17ක් සඳහා දීමනා ගෙවීම සිදුකරන අතර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහි දෙවන අදියර සඳහා අයදුම්පත් හාර ලක්ෂ 55,000ක් ලැබී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.