ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.
ඒ සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද කීවේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ රුපියල් බිලියන 213.373ක අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.