ප්‍රබාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (26) එළිදැක් වූ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ඔහු 7වන ස්ථානයේ සිට මෙලෙස ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත.

මෙම පැමිණීමත් සමග ප්‍රබාත්ට ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිව ඇති අතර, එය ඔහු ටෙස්ට් වරම් හිමිකරගැනීමෙන් පසු එතෙක් මෙතෙක් ලබාගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වෙයි.

බංග්ලාදේශය හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් අතර ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මෙම ශ්‍රේණිගතකිරීම ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ස්ථානය 2කින් ඉදිරියට පැමිණ මේ වනවිට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්ව සිටියි.

මෙම ශ්‍රේණිගතකිරීම් අතර දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩාටද, තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජෝෂ් හේසල්වුඩ්ටද හිමිව ඇත.

කෙසේ නමුත් ප්‍රබාත්ගෙන් පසු යළි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දුට හිමිව ඇත්තේ 14වැනි ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published.