‘ෆෙන්ගල්’ සුළි කුණාටුව සිකුරාදා දිනයේ තමිල්නාඩු වෙරළට කඩාවදිනු ඇති බව ඉන්දීය කාලගුණ අංශ අනාවරණය කරයි.
පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වූයේ ඊයේ දිනයේය.
මෙම සුළි කුණාටුව ‘ෆෙන්ගල්’ ලෙස නම් කර ඇත්තේ සවුදි අරාබිය විසිනි.
තමිල්නාඩු ප්‍රාන්තය පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයට අයත් වෙරළබඩ කලාප ද මේ සුළි කුණාටුවේ බලපෑමට හසුවනු ඇත.
මේ සුළි කුණාටුව නිසා තමිල්නාඩුවේ පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා තිබේ.