වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට

පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ. 

ඒ, ඊයේ (29) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී ය.

ඔහු ජේ.ඒ.එම්.සී ජයකොඩි නමැති නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි දෙදරු පියෙකි.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරියා පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කළ නිලධාරියෙක් බවය.

ඊයේ රාත්‍රී 9:30ට පමණ නාවික හමුදා කඳවුර අසලදී පාගමනින් ගමන් ගත් අවස්ථාවේදී ඔහු මෙම වනඅලි ප්‍රහාරය ලක්වී තිබේ.

අනතුරුව ඔහුව වවුනියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් මියගොස් ඇති බව පූනෑව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.