ගිනියාවේ පාපන්දු තරගයකදී රසිකයින් අතර ඇතිවූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබේ.
ගිනියාවේ දෙවන විශාලතම නගරය වන එන්සෙරෙකොර්හි පැවති පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්ය.
පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.