නුවරඑළියේ අස්වැසුම ‘පොකුරක්’

නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයැදුම්පත් ලබාගැනීමට සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් ඊයේ (02 දා) දින රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි.

සති අන්ත නිවාඩුවෙන් පසු ඊයේ (02දා) දින කාර්යාල විවෘත කිරීමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණ ඇත. අයැදුම්පත් නිකුත් කිරීම සඳහා ඉකුත් මස 27 වැනිදා සිට අංක ලබා දී ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට

රැස්ව සිටින බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල අයැදුම්පත් ලබාගැනීමට විශාල පිරිසක් රැස්වීම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනීමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභීහු දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.