ගුවන් හමුදා සාමාජිකයන්ගේ සාපෙළ හා උපෙළ සමත් දරු දැරියන් ඇගයීමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාඡපක්ෂ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2024 දෙසැමිබර් මස 05 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි පැවැත්විනි.

ගුවන් හමුදා සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ගුවන් හමුදා සිවිල් සේවක මහතුන්ගේ අපොස(සා පෙළ)විභාගය හා අපොස(උ පෙළ)විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් 39 දෙනකු හට මූල්‍යමය ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරිම මෙහිදි සිදුවිය.

මෙම උත්සවය අවසානයේදි පැමිණ සිටි සියළුම දරු දැරියන් හට ගුවන් හමුදාධිපති තුමන් හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුභපතන ලදි.

Leave a Reply

Your email address will not be published.