සුරාබදු බලපත්‍ර ලබා දුන් පුද්ගලයාත් නිර්දේශ කළ පුද්ගලයාත් මේ සභාවට හෙළි කරන්න

සුරාබදු බලපත්‍ර 361ක් පසුගිය ආණ්ඩුව ලබා දී ඇති බවට හෙළි කළ ආකාරයෙන්ම එම බලපත්‍ර ලබා ගත් පුද්ගලයා මෙන්ම නිර්දේශ කළ තැනැත්තන්ගේ නම් හෙළි කරන ලෙස ආණ්ඩුව ඉල්ලීමක් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අ‌බේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශයක් සිදු කරමිනි.

මන්ත්‍රී රෝහිත අ‌බේගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

එසේ හෙළි නොකරන්නේනම් සියලු දෙනාටම එරෙහිව එම චෝදනා එල්ල වන බවත් කළුතර දිස්ත්‍රික්කය තුළත් සුරාසැල් නව බලපත්‍ර හයක් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විමර්ශන සිදු කරනවා. එම විමර්ශනය අවසන් වූ පසු මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතාවට දැනගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කරනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

ඊයේ දවසේ පසුගිය ආණ්ඩුව ලබා දුන්න මත්පැන් බලපත්‍ර 361ක නාම ලේඛනය ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඔබතුමත් මමත් නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ 06ට වැඩිය නව බලපත්‍ර ලබා දීලා තියෙනවා. මම ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ බලපත්‍රය ලබා ගත් කෙනා වගේම මේ බලපත්‍රය ලබා දෙන්න නිර්දේශ කරපු යම් මහජන නියෝජිතයෙක්, මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, වෙනත් කෙනෙක් හරි මේ නිර්දේශ කරපු අයගේ නම් මේ සභාවට ඉදිරිපත් කරන්න.

Leave a Reply

Your email address will not be published.